ජනතාවගේ අනුමැතියෙන් සහ උදව්වෙන් මේ රට හදනවා – හඳුන්නෙත්ති

Date:

කොළඹ LNW: මෙය ආරම්භයක් පමණක් වන අතර ආදර්ශයෙන් ජනතාවගේ අනුමැතියෙන් හා උදව්වෙන් මේ රට හදන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

හදුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ අද (23) 09 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතාවට වුණු පොරොන්දුව අනුව ජනතාවට නැති දේවල් දේශපාලකයින්ට අවශ්‍ය නැති හෙයින් එම පොරොන්දුව රකින බවද ඔහු සඳහන් කරන ලදී.

මීට පසු විධායක ජනාධිපතිවරු නොමැති අතර විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ජනාධිපතිවරයා පත් කර ගෙන සිටින බවයි හදුන්නෙත්ති මහතා කියාසිටියේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද නියමිත බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...