ජනාධිපතිට සහය දෙන අතරේ අපි මහ ජන්දෙන් සජබ ආණ්ඩුවක් හදනවා – කබීර්

Date:

කොළඹ LNW:ජනතාවගේ තීන්දුවට හිස නමන අතර කණ්ඩායමක් ලෙස නියෝජනය කරන මතය අනුව රටක් ලෙස ඉදිරියට යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරණ තීන්දුව සහ ඉදිරි කටයුතු ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ සාකච්ජාවක් පවත්වා තිබුණි.

රට වෙනුවෙන් තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර දිනවීමට ඉදිරියේදී කටයුතු කරන බවද කබීර් හෂීම් මහතා සඳහන් කරන ලදී.

රට වෙනුවෙන් ජනාධිපතිවරයාට සහය දෙන අතරම පාර්ලිමේන්තු මැතිවරණයේදී සජබ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමඟි ජන බලවේගයට ජන්ද පදනමක් තිබෙන අතර ආණ්ඩු බලයක් ගත හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...