ආර්ථික වෙනසක් ඇති කරන්න අපට සහය වන්න – ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

අද (23) මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් , රටෙහි සමස්ත පද්ධතියේ වෙනසක් අවශ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේය.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ,

“විශේෂයෙන්ම අපි අපේක්ෂා කරනවා තනි පුද්ගලයෙක්ට මෙය වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එක තැනක වෙනසක් නෙවෙයි අවශ්‍ය වී තියෙන්‌‌නේ. පද්ධතියේම වෙනසක්. ඒ පද්ධතියේම වෙනසක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, හැම පද්ධතියටම සම්බන්ධවෙලා තියෙන හැමදෙනාගේම සහායෙන්. ආර්ථික වෙනසක් ඇති කරන්න කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ගේ සහාය අවශ්‍යයි. නීතියේ වෙනසක් ඇති කිරීමට ඒ සඳහා ඊට අදාළ වෘත්තීයවේදීන්ගේ සහාය අවශ්‍යයි. රට පරිවර්තනය කරන්න නම් හැම ක්ෂේත්‍රයේ අයගේම සහාය අවශ්‍යයි. ඒ සහාය ලබාගැනීම තමා අපේ අරමුණ වෙලා තියෙන්නේ.

මාධ්‍යවේදීයා ඔබතුමා ප්‍රකාශ කළ ලැබිච්ච මුල් අවස්ථාවේදී පාර්ලමේන්තුව විසුරුවා හරිනවා කියලා.? ඔබතුමා කියලා තියෙනවා 150ක් ආයෙත් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා

අනුර කුමාර දිසානායක – ලිහලා බලන්න තියෙන මල්ල, ඔබලා බලන්න ඔනේ නැහැ. දවස් දෙකක් වගේ බලාගෙන ඉන්න.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...