ඔස්ට්‍රේලියාව ඉදිරියේ කඩුලු 7 ක පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 23, (LNW) කොළඹ :

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී ඕස්ට්‍රේලියාවට කඩුුලු 7 ක ජයක් හිමි වුණා.නවසීලන්තයට එරෙහිව හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ දී ද පළමුව පන්දුවට පහර දී ප්‍රතිවාදීන්ට විශාල ලකුණු පූවරුවක් නිර්මාණය කරන්න උත්සාහ කළත්,කිසිදු පිතිකාරිණියකට සාර්ථක වන්නට ඉඩක් ලැබුණේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් අතරින් ඉලක්කම් දෙකේ ලකුණු ගණනක් වාර්තා කරන්නට සමත් වුණේ සුමුදු නිසංසලා සහ රශ්මිකා සෙව්වන්දි පමණයි.සුමුදු ලකුණු 12 ක් සහ රශ්මිකා ලකුණු 19 ක් වාර්තා කරන්නට සමත් වුණා.


ඔස්ට්‍රේලියාව පන්දු යවන්නියන් හත් දෙනෙකුගේ සේවය ලබා ගත් අතර ලුසී හැමිල්ටන් පමණක් ලකුණු 15 ට කඩුලු දෙකක් දවා ගත්තා.සෙසු පන්දු යවන්නියන් අතර එක කඩුල්ල බැඟීන් බෙදී ගිය අතර දුවද්දී දැවී යාම් දෙකක් ද වාර්තා වුණා.


ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් හඹා යාමට තිබුණු ලකුණු ප්‍රමාණය සුළුවට දුටුව ද තරගයේ මුල සිටම ආක්‍රමණික ස්වරූපයෙන් වේගයෙන් පහර දුන්නා.ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් කැදවීමට ප්‍රථම පීඩනය ශ්‍රී ලංාව වෙත හරවා තැබීමට උත්සාහ කළා.ආරම්භක පන්දු යවන්නියගේ වගකීම භාර ගනිමින් චමෝදි ප්‍රබෝධා යම් ලකුණු පාලනයකට උත්සාහ කළ ද එය පිඩනයක් හැටියට වර්ධනය වන්නට ඔස්ට්‍රේලියානු පිතිකාරිණියන් ඉඩ දුන්නේ නැහැ.එම නිසා 13 වන ඕවරයේ අවසාන පන්දුවට එලෙනර් ලාරෝසා එල්ල කළ හයේ පහරත් සමඟ සිය ලකුණු පූවරුව කඩුලු 3 ට 96 ක් බවට පත් කර ගන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වඩාත් ප්‍රවේගකාරී ලෙස පිත්ත හසුුරුවන ලද ඉනේෂ් මැක්යොන් පන්දු 34 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟ ලකුණු 49 ක් ලබමින් ජයග්‍රහණයේ නියමුවරිය වූවා.හිරුණි හංසිකා ලකුණු 18 ට කඩුල්ලක් සහ රශ්මිකා සෙව්වන්දි ලකුණු 20 ට කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.
පහතින් ලකුණු පූවරුවට පිවිසිය හැකියි. https://bit.ly/4dg5HlV

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...