නව ජනාධිපතිවරයාට සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ ආශිර්වාද!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 

සැප්තැම්බර් 23, මහනුවර (LNW): බාධක මැදින් ජනාධිපතිධූරය දක්වා අධිෂ්ඨානශීලී ගමනක් පැමිණි අනුර කුමාර දිසානායක මහතාට සමස්ථ මහා සංඝරත්නයේ ආශිර්වාද හිමි වන බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පවසති.

සියලු ජනතාවගේ විශ්වාසය රකින බවට ඒ මහතා නව ධූරයේ දිව්රුම් දෙන අවස්ථාවේදී කළ පොරොන්දුව ප්‍රශංසනීයය යැයි ද අනුනායක හිමියන් පැවසූහ.

ජනාධිපතිධූරයේ දිව්රුම්දීමෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනාධිපතිවරයා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් අද (23) පස්වරුවේ මේ බව සඳහන් කළේය.
මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක සුහද පිළිසඳරක නිරතවූහ. එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, කාරක සංඝසභික පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් ඇතුලු සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගීවූහ.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහ විහාරීය මංගල උපෝෂථාගාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුලු කාරක සංඝසභිවේ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
නව ජනාධිපතිවරයාට සුභාශංසන පතමින් මහා සංඝරත්නය පිරිත් සඤ්ඣායනාවක් එහිදී සිදු කළෝය.

එහිදී අනුශාසනා කථාවක් කළ අස්ගිරි පාර්ශනවේ අනුනායක හිමියන්, බාධක කම්කටෙලු මැදින් සිය අරමුණ කරා ගමන් කිරිම බුද්ධ වචනයට අනුකූල වන බව ද කීවේය.
දුෂ්කර ගමක හැදී වැඩී හොද අධ්‍යාපනයක් ලැබූ ඔබ ජනාධිපති බවට පත්වූයේ මහජන කැමැත්තෙන් වන නිසා ජනතා විශ්වාසය රැකෙන පරිදි පැවරී ඇති කාර්යයභාරය වඩා හොදින් ඉටු කිරීමට ආශිර්වාද පළ කරන බව ද අනුනායක හිමියෝ පැවසූහ.

රටේ ජනාධිපතිවරයා වශයෙන් පැවරී ඇති කාර්යය හොදින් ඉටු කිරිමට සහ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා සමාජීය වශයෙන් නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමට ඔබට සංඝරත්නයේ ආශිර්වාදය ලබා දෙනවා යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් තව දුරටත් සඳහන් කළේය.
එම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඇතුලු කාරක සංඝසභාවේ මහා සංඝරත්නය සහභාගීව සිටියහ.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුකැලේ ශ්‍රී පුල්ලයාර් කෝවිලට පැමිණ එහිදී හින්දු ආගමික චාරිත්‍රවලට සහභාගීවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...