ජනපති අනුර ඇමරිකාව බලා පිටත්ව යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

සැප්තැම්බර් 24 වන බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට නියමිත අතර, ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට සහභාගී වීමටද සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු...