ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයාට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනුකරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

80 හැවිරිදි රොඩ්රිගෝ ඩුටර්ටේ පිලිපීනයේ 2016 හා 2022 අතර කාලය තුළ ජනාධිපතිවරයාව සිටියදී මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ගෙනගිය යුද්ධයෙදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පරිශීලකයින් සහ වෙනත් අය දහස් ගණනක් නඩු විභාගයකින් තොරව මරා දැමීම සමබන්ධයෙන් මෙලෙස චෝදනා එක් කර ඇත.

මත්ද්‍රව්‍ය විරෝධී ඔහුගේ කුරිරු මර්දනයට ඔහු කිසිදු සමාවක් ලබා දී නොමැති අතර එම මර්දනයෙන් 6,000 කට අධික පිරිසක් මිය ගිය බව වාර්තා වේ. කෙසේ නමුත්, විමර්ශකයන් විශ්වාස කරන්නේ සැබෑ සංඛ්‍යාව දස දහස් ගණනක් විය හැකි බවයි.

ICC නියෝජ්‍ය අභිචෝදක මේම් මැන්ඩියේ නියාං ප්‍රකාශ කර තිබුණේ, ඩුටර්ටේ මෙම ඝාතනවලට වක්‍ර සහකාර අපරාධකරුවෙකු බවත්, එය පොලිසිය ඇතුළු අනෙකුත් අය විසින් මෙම අපරාධ සිදු කරන ලද බවට අධිකරණය චෝදනා කරන බවත්ය.

කෙසේ නමුත් ඩුටර්ටේ මහතා මෙහිදී සඳහන් කර තිබුණේ, රට වීදි අපරාධවලින් මුදවා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගත් බවයි.

රොඩ්රිගෝ ඩුටර්ටේ ICC විසින් අධිචෝදනා ගොනු කරන ලද පළමු ආසියානු හිටපු රාජ්‍ය නායකයා වන අතර වසර තුනකට වැඩි කාලයක් තුළ අධිකරණය පිහිටා ඇති නෙදර්ලන්තයේ හේග් වෙත ගුවන් මගින් ගෙන යන ලද පළමු සැකකරු ද වේ. ඔහු මාර්තු මාසයේ සිට එහි අත්අඩංගුවේ පසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු...

සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිව්යෝක්හි පළමු...

ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...

සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...