“හේතුවා” නුඹත් ගිහින්…

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ ,LNW :

මෑත කාලයේදී නවතම අනුභූතියක් ප්‍රස්තුත කොටගත් “ශේෂ” නම් වූ අපූර්වතම සිනමා නිර්මාණයේ ” හේතුවා” නම් වූ බෙරවාදන ශිල්පියාගේ චරිතය නිරූපණය කළ නලින් ප්‍රදීප් උඩවෙල නම් වූ දක්ෂ කලාකරුවා අප අතරින් වියෝවී ඇත.

ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ කලාත්මක නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇති ඔහු ජුලියට්ගේ භූමිකාව , අස්වැසුම, ආසයි මං පියාඹන්න, පරාවර්තන , මධුර චාරිකා , තාරකා මල් ඉන් සමහරක් වේ.

සිනමා රංගනය උදෙසා සරසවි සම්මනයෙන්ද, වේදිකා හා ටෙලිනාට්‍ය රංගනය උදෙසා රාජ්‍ය සම්මාන ද හිමිකර ගැනීමට හැකිවූ මෙම කලාකරුවා පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉසුරු ගුණතිලක නම් වූ යොවුන් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු “ශේෂ ” නිර්මාණයේ “හේතුවා”ගේ චරිතය ඔහු බෙහෙවින් ප්‍රිය කල චරිතයක් වූ බව විටෙක පවසා තිබුණි.


ඉතිං මේ තාවකාලික සමුගැනීමක් නොවෙද? අප කලාව පෝෂණය කරන්නට නැවත හමුවෙමු….

එතෙක් ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණනී ඔබට සුබ ගමන් !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...