නිශ්මං රණසිංහ සැප්තැම්බර් 23, කොළඹ LNW:
ක්‍රීඩාව ජීවිතයට විනෝදාත්මක සංස්කෘතියක් විදිහට එකතු වීම හොදයි.ඒත් ඒකට ලොකු පරිසර අවකාශයක විශාල කාලයක් වැය කරන්න තියෙන දුෂ්කරතාවය ජය ගන්න අමාරුයි.මේකට විකල්පයක් විදිහට සීමිත වපසරියක ක්‍රීඩාව වින්දනයක් විදිහට භාර ගන්න පුළුවන් ඉඩක් හදන්න කොළඹට නුදුරින් තියෙන පොළවක් නිර්මාණය කරපු සුභාෂ් ගුණවර්ධන තීරණය කරලා තියෙනවා.එම ස්ථානයේ කෙරෙන වින්දනාත්මක ඉසව්වක් ගැන පමණක් මෙහි සඳහන් වුව ද එය ශරීර නිරෝගිකමට යෝග්‍යතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමටත් වැදගත් පොළවක්.එතැන නම් කරලා තියෙන්නෙ Viroosh Sports Complex හැටියටයි.මේ තැන ගැන දැන ගන්න නොමිළේම පිවිසිලා,ක්‍රීඩාවේ වින්දනීය අවකාශය විඳගන්න ඉඩක් සැප්තැම්බර් 27 වන දා පස්වරු 3.00 ඉදලා පස්වරු 11.00 වෙනකම් විවෘත කරලා තියෙනවා.
Viroosh Sports Complex විවිධ ක්‍රීඩාවන් සඳහා දොර හැරුණු ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයක්. සමහරවිට ක්‍රීඩා අවශ්‍යයතාවය නෙමෙයි කාර්ය බහුල ජීවිතයට ක්‍රීඩාව නිරෝගී මෙවලමක් විදිහට යොදා ගන්න පුළුවන් පොළවක් හැටියටත් මෙතැන හඳුන්වන්න පුළුවන්.හයිලෙවල් පාරෙ මීගොඩ ඉදලා වගේම පාදුක්ක පාරෙ මීගොඩ ඉදලත් මෙතැනට ප්‍රෙව්ශ මාර්ග හොයා ගන්න පුළුවන්.අංක 33,ශාන්ත මාවත,හේනවත්ත,මීගොඩ තමයි අදාළ තැන ලිපිනය.
වැදගත් වෙන්නෙ 27 වන දා මීගොඩ Viroosh Sports Complex එක ඇතුළෙ ඔබට ගිහිං කරන්න තියෙන්නෙ මොනවද කරන්න කියලා දැනගන්න එක.ඊට පසුව එහි වැදගත්කම ගැන සහ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරන්න ඔබට ඔබේ ආත්මය සමඟම කරගන්න පුළුවන් වෙයි.
ක්‍රීඩා තරඟාවලි:
- කුඩා ක්‍රිකට් තරඟාවලිය
- කුඩා බැඩ්මින්ටන් තරඟාවලිය
- කුඩා ෆුට්සල් තරඟාවලිය
- බේස්බෝල් සැසි
- වෙඩි තැබීමේ තරඟය (වායු රයිෆල් සහ ජෙල් බ්ලාස්ටර්)
- දුනු ශිල්ප තරඟය
- තටාක තරඟාවලිය
- මේස පන්දු තරඟාවලිය
- චෙස් තරඟය
- ඩාර්ට් තරඟය
විනෝද සහ විනෝදාත්මක තරඟ: - කැරෝකී තරඟය
- යුවල බැලූන් නර්තන තරඟය
- පවුලේ ක්‍රීඩා තරඟ
මේ සැප්තැම්බර් 27 වන දා ඇතුළත් ක්‍රීඩා ඉසව්වලට අමතරව එදින සහභාගි වන පිරිස් සදහා පහත සඳහන් පහසුකම් ද සැපයෙනවා. වාහන නැවැත්වීම,බහු ආහාර වෙළඳසැල් හරහා රාත්‍රී ආහාර,ෂවර් සහ ලොකර් ප්‍රවේශය මෙන්ම BYOB (Bring Your Own Bottle) අවසරය ද නියමයන් සහ කොන්දේසි සහිතව ලබා දී තිබෙනවා.
- කුඩා ක්‍රිකට් තරඟාවලිය
- කුඩා බැඩ්මින්ටන් තරඟාවලිය
- කුඩා ෆුට්සල් තරඟාවලිය
- බේස්බෝල් සැසි
- වෙඩි තැබීමේ තරඟය (වායු රයිෆල් සහ ජෙල් බ්ලාස්ටර්)
- දුනු ශිල්ප තරඟය
- තටාක තරඟාවලිය
- මේස පන්දු තරඟාවලිය
- චෙස් තරඟය
- ඩාර්ට් තරඟය
විනෝද සහ විනෝදාත්මක තරඟ: - කැරෝකී තරඟය
- යුවල බැලූන් නර්තන තරඟය
- පවුලේ ක්‍රීඩා තරඟ
මේ සැප්තැම්බර් 27 වන දා ඇතුළත් ක්‍රීඩා ඉසව්වලට අමතරව එදින සහභාගි වන පිරිස් සදහා පහත සඳහන් පහසුකම් ද සැපයෙනවා. වාහන නැවැත්වීම,බහු ආහාර වෙළඳසැල් හරහා රාත්‍රී ආහාර,ෂවර් සහ ලොකර් ප්‍රවේශය මෙන්ම BYOB (Bring Your Own Bottle) අවසරය ද නියමයන් සහ කොන්දේසි සහිතව ලබා දී තිබෙනවා.
