අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ප්‍රතික්ෂේප කළේ ඇයි? හේතු සභාගත කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි!

Date:

කොළඹ LNW:අරුණ ජයසේකර ඇමතිවරයාට විරුද්ධව ආ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අරුණ ජයසේකර ඇමතිවරයා සම්බන්ධයෙන් පුද්ගලික ගැටලු නොමැති බවත් ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා බවත් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙසයි විපක්ෂ නායකයා පැවසුවේ.

එසේම වින්දිතයන් පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය නොවූ නිසා ජිනීවාවල දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියෙකු සූම් තාක්ෂණය හරහා එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති අතර මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවද හෙතෙම කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...