හිටපු නගරාධිපති සමන් ලාල්ට ඇප!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ LNW :

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව පැවසේ.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- මුදල් ඇපයක හා ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළ බව සඳහන් වේ. සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා මොරටුව මොරටුව මහ නගර සභාවට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් කල බව පැවසේ.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාල ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...

සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු ජනාධිපති අහමඩ්...

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...