කිලෝ ගණන් වෙනුවට කන්ටේනර් යුගයක් – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:මේ රටේ මේ වසරේ අලුතින් කර්මාන්තශාලා ඇතිව තිබෙන්නේ මත් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඉතිහාසයේත් මේ රටේ මත් උවදුර තිබුණ නමුත් එදා අහුවුණේ කිලෝ ගණනින් බවත් දන එය කන්ටේනර්වලට මාරු වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

”මේ වසර ගත්තොත් මේ වසර තුළ මේ රටේ අලුතින් කර්මාන්ත ශාලා ඇති වෙච්ච බවට යම්කිසි තොරතුරක් ලැබෙනවා. ඒ අලුතින් කර්මාන්තශාලා ඉදිවෙලා තියෙන්නේ අපි දැක්කා ප්‍රවෘත්තිවල පෙන්නුවා වැලිගම ප්‍රදේශයේ අලුත් කර්මාන්ත ශාලාවක්. මත් ද්‍රව්‍ය කර්මාන්ත ශාලා අලුතින් මේ රටේ ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා මීට කලිනුත් මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුණා. හැබැයි මීට කලින් මත්ද්‍රව්‍ය උවදුර තියෙනකොට ඒවා මැඩලන්න අවශ්‍ය නීති රීති ගෙනාවා. ඒ වගේම පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා. නමුත් මීට පෙර මේ රටේ මත් ද්‍රව්‍ය උවදුර තිබුණේ මත්ද්‍රව්‍ය අහුවුණේ කිලෝ ගණනින්. හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය අහුවෙන යුගයක් බිහිකරන්නට මේ ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...