ඉසුරු පරාක්‍රම
සැප්තැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝ පතල ක්‍රිකට් විනිසුරු හැරොල්ඩ් ඩෙනිස් බර්ඩ් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ ඩිකී බර්ඩ් නමිනි.
මියයන විට 92 හැවිරිදි වියේ පසු වූ බර්ඩ් දශක ගණනාවක් පුරා දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන් අතර ආදරය දිනාගත් අම්පයර්වරයෙකි.
ඔහුගේ වීයෝව අද (23) දින බ්‍රිතාන්‍යයේ යෝර්ක්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය විසින් නිවේදනය කරන ලදී.
ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ආදරණීය චරිත අතර දැවැන්තයකු වන බර්ඩ් උපත ලබන්නේ 1933 බාර්න්සලි හි දී ය. සිය ක්‍රිකට් ජීවිතය තුළ සෑමවිටම ක්‍රිකට් විනිසුරු තනතුර සඳහා ඔහු ඉලක්ක නොකරන්නට ඇති අතර, මුල් කාලය තුළ ලැබූ තුවාල හේතුවෙන් 1970 ගණන්වල ක්‍රිකට් තීරකවරයකු ලෙස කටයුතු කිරීම ආරම්භ විය.
බර්ඩ් ගේ පළමු ටෙස්ට් තරඟය 1970 න් වසර තුනකට පසුව සිදු වූ අතර, දශක තුනකට ආසන්න කාලයක් ඔහු ටෙස්ට් තරඟ 66 ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 69 ක් විනිශ්චය කළ අතර, ලෝක කුසලාන අවසන් තරඟ තුනක් ද ඇතුළුව – ඔහුගේ යුගයේ වඩාත්ම පළපුරුදු සහ ගෞරවණීය විනිසුරුවන් අතරට පත් වූ වාර්තාගත ක්‍රිකට් තරුවක් බවට පත්විය.

බර්ඩ් ගේ ක්‍රිකට් ජීවිතය තුළ ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන සිදුවීම් ගණනාවකි. ලෝඩ්ස් හි බෝම්බ බියක් ඇති වූ අවස්ථාවක් අතරතුර ක්‍රිකට් පිටියේ මැද සිට නිර්භය ව ක්‍රීඩාව නිරීක්ෂණය කිරීම, හෙඩින්ලි හි පුපුරා ගිය ජල නල හැසිරවීම, අතෘප්තිමත් ප්‍රේක්ෂක පිරිසකට ප්‍රතිචාර දැක්වීම, සහ කාන්තා ලෝක කුසලානයේ දී ඇති වූ වැසි වලදී ලිස්සා වැටීම නිසා සිය වැලමිටට තුවාල සිදුවීම ආදී සිදුවීම් රැසක් නිසා බර්ඩ් හුදෙක් ක්‍රිකට් චරිතයකටත් වඩා ක්‍රිකට් පෞරුෂයේ දැවැන්ත කොටසක් බවට පත් විය.
ඩිකී බර්ඩ් ගේ ස්වයං චරිතාපදාන කෘතිය එක්සත් රාජධානියේ වැඩියෙන් ම අලෙවි වූ ක්‍රීඩා ග්‍රන්ථය බවට පත්විය. එමෙන්ම ඔහු රූපවාහිනියේ සහ වේදිකාවේ හුරුපුරුදු මුහුණක් බවට පත් වූ අතර, ප්‍රේක්ෂක ආකර්ෂණය අතින් කාගෙත් හදවත් තුළ සදා නොමැකෙන චරිතයක් බවට පත්විය.
2014 දී ඔහු යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති බවට පත් වූ අතර, ඔහු එම භූමිකාව තුළ පැහැදිලි අභිමානයකින් හා විශිෂ්ටත්වයෙන් යුතුව සේවය කළේ ය. සිය ධුරකාලය තුළ බර්ඩ් ප්‍රාන්ත ශූරතා ජයග්‍රහණ දෙකක් සඳහා මුලසුන දැරුවේය.

ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඩිකී බර්ඩ් ට 1986 දී MBE සහ 2012 දී OBE සම්මානයක් පිරිනැමීම සිදුවෙයි. ඔහු අභිමානවත් යෝක්ෂයර් වැසියකු ලෙස සිය ජීවිතකාලයම බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් හි ජීවත් වූ අතර, කීර්තිමත් බ්‍රිතාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජොෆ්රි බෝයිකොට් සහ කීර්තිමත් රූපවාහිනී නිවේදකයකු වන මයිකල් පාකින්සන්ගේ දීර්ඝකාලීන මිතුරකු ද විය.
ඩිකී බර්ඩ්ගේ පිටියේ ජයග්‍රහණ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සදා මතකයේ රැඳෙනු ඇති බවට නිසැක ය, නමුත් බර්ඩ් සම්බන්ධයෙන් සැබෑ නිර්වචනයක් ලබා දෙන්නේ නම්, ඔහුගේ මනුෂ්‍යත්වය, හාස්‍යය සහ මිනිසුන් එක් වේදිකාවක් මතට ගෙන ඒමට ඔහු සතුව තිබූ අසමසම හැකියාව එම නිර්වචනයට ඇතුළත්විය යුතුම ය.
ඩිකී බර්ඩ් ගේ වියෝව ක්‍රිකට් ක්ෂේත්රයේ යුගයක අවසානය සනිටුහන් කරනු ඇත, නමුත් ඔහුගේ උරුමය ක්‍රිකට් ලෝලීන් අතර අනුනාදවනු ඇත.
ඡායාරූප: අන්තර්ජාලය

