*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

මහජන මතයට බියව භාෂණයේ නිදහසට කටුකම්බි ගැසීම වලකමු – ඩලස්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි සතිදෙකක් ඇතුළත මාර්ගගත ක්‍රමයන්හි සුරක්ෂිතභාවය (On line safety) නමින් පණතක්‌, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැරසෙන බව ඩලස්‌ අලහපෙරුම මහතා පවසයි.

ඒ මහතා පවසූ අදහස් මෙසේය,

” ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ඒ සඳහා වූ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මාර්ගගත ක්‍රමයන්හි සුරක්ෂිතභාවය (On line safety) නමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. එය සති දෙකක් ඇවෑමෙන් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.මෙම කෙටුම්පත, ‘අන්තර්ජාල භාවිතාවේ සුරක්ෂිතභාවය ඇති කිරීම’ නම් නීතිගරුක පාඨයට මුවාවී මුළුමනින්ම ජනමතය කෙරෙහි ඇති ජනපතිවරයාගේ සහ ආණ්ඩුවේ භීතිය සමනය කිරීම වෙනුවෙන්ම ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතක් බව මෙය අධ්‍යයන කරන ඕනෑම අයෙකුට වැටහෙනු නිසැකය.

මේ දක්වාම තමන්ට නතු කර ගැනීමට නොහැකි වූ සමාජ මාධ්‍යය බිය වද්දමින් පාලනය කිරීමට ගනු ලබන උත්සාහයක් පමණක් වන මෙම පනත් කෙටුම්පතට අනුව සත්‍යය පිළිබඳ අවසාන තීරකයා වනුයේ ජනපතිවරයා ගේ නියෝජිතයන්ගෙන් සමන්විත කොමිෂන් සභාවකි. සත්‍යය සහ අසත්‍යය කුමක්ද යන්න නිර්වචනය කිරීමට නෛතික බලය පැවරෙනුයේ ජනපති නියෝජිතයින්ට වීම සහ ඊට අදාළව යෝජිත දැඩි දඬුවම් ප්‍රජාතන්ත්‍රවාදයේ මළ බෙරය බව මනාව පැහැදිලිය.යම් ලෙසක, මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් සේවා සපයන ආයතන සහ Facebook, Twitter, YouTube, Instagram වැනි සේවා පවා ශ්‍රී ලංකාව තුල අඩාල වීමේ අවධානමක් පවතී. මැතිවරණ නොපවත්වා මහජන මතය භූමදානය කරනු ලබන වත්මන් ආණ්ඩුව විසින් සමාජ මාධ්‍යය තහනමට මෙලෙස පිඹුරුපත් සැකසීම පිලිබඳව ලොව පුරා මානව වාදින් ගේ නිසි අවධානය යොමු වි යුතුය.

මේ මොහොතේ, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක ආණ්ඩුවේ බුල්ඩෝසරය, ජනසම්මතවාදය ගරු කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වී නැවැත්විය නොහැකි වුවහොත් ඉන්දීය සාගරයේ මුතු ඇටය, ප්‍රජාතන්ත්‍රවාදයේ සුසාන භූමිය බවට පත්වීම වැලක්විය නොහැකි බව මාගේ විශ්වාසයයි. මහජන මතයට බියව භාෂණයේ නිදහසට කටුකම්බි ගැසූ සියලු රාජ්‍යයන් ගේ අවසානය සටහන් වූයේ ද එලෙසිනි”

ලෙස ඒ මහතා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan