නග්න දෙපයින් රැඟූ දෘෂ්‍ය කාව්‍යය නිසල වෙයි !

Date:

හෙළයේ මහා නෘත්‍යාංගනාවිය වූ පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන දැයෙන් සමුගනී

වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ. ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාව ද වේ. ආචාර්ය වජිරාවන් ගේ කලා ක්‍ෂේත්‍රයේ ගමන දශක හයකට අධික වේ. ඇය ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව ලොව හමුවේ තැබු ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය ද වේ.

එලෙස ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක,වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි.

හැත්තෑව දශකයේ දී වජිරා ලයනල් වෙන්ඩ්ට් වේදිකාව මත‘කරදිය’මුද්‍රා නාට්‍යයයේ‘සිසී’ලෙසත්‘නල දමයන්ති’හි‘හංසයා’ලෙසත් කළ විස්මිත රංගන පිලිබද මහැඳුරු සුචරිත ගම්ලතුන් පැවසූ ලෙස දුලබ සුරාවක් පානයෙන් ලද මිහිරක් ලෙස ට එය හැදීන්වීය.

වජිරාවන් පිළිබඳව චිත්‍රසේනයන් 1985 දී කියූ කියමනක් ඔබට මතක් කරනු කැමැත්තෙමි.

“දේශීය නැටුමට වජිරාගේ දායකත්වය ‘සුවිශාල වූ හා ඉතා ඈතට විහිදී යන්නකි. ඇයගේ නිර්මාණශීලී බලපෑම නිසැක වශයෙන්ම අනාගත ශ්‍රී ලංකාවේ නර්තන වේදිකාවට ප්‍රබල ආභාසයක් වනු ඇත.”

එතුමියට නිවන් සුව..

~ ආචාර්ය ධනංජය නානායක්කාර

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...