සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති අතර ඔහුත් සමග ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන් දෙනාත් ජනාධිපතිවරයාත් වශයෙන් සිව් දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇති බව සඳහන්.
එසේම නව අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ද අද දිනයේදී පත්වීම් ලබනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.