NPP විජිත හේරත්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW):

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

ඒ පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා බව පැවසේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරු වන විජිත හේරත් මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටි අතර, එම අවස්ථාවේදී විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම්දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත් මහතාට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් මස 29 වනදා පෙනී සිටින ලෙස නියෝග කර ඇති අතර, 2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...