අනේ ජනාධිපතිතුමනි, සියල්ලට පෙර හිටපු ඇමතිලාගේ ප්‍රභූ ආරක්ෂාව අයින් කරන්න !

Date:

දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය ඉබේම විසිර ගියේය. ඒ අනුව හිටපු ඇමතිවරුන් සියලු දෙනාම මේ වනවිට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්ව සිටිය යුතුය.

එහෙත් පාරට බැස බැලූ විට නම් එවැන්නක් පෙනෙන්නට නැත. හිටපු ඇමතිලා තවමත් ප්‍රභූ ආරක්ෂක රථ පිරිවරාගෙන අගනගරේ මහපාරේ ඉගිළෙති. එවන් එක් හිටපු ඇමතිවරයකුගේ ප්‍රභූ ආරක්ෂක රථ ඇතුළු වාහන පහක පෙරහැරක් අද දවසේදීත් දක්නට ලැබිණි.

අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයෙන් ජන වරම ලැබුණේ මෙකී ප්‍රභූ දේශපාලනය ජනතාවට තිත්ත වී තිබුණු නිසා ය. ජනතාවට වෙනසක් අවශ්‍ය වුණු නිසා ය. එහෙත් එතුමාගේ පාලන සමයේදීත් හිටපු ඇමතිලා සුපුරුදු රංගනය ඉදිරිපත් කරයි නම් එය පැහැදිලිවම ප්‍රශ්නයකි.

ඒ නිසා කරුණාකර මුලින්ම මේ හිටපු ඇමතිලාගේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළපාලි ඉවත් කරන්න. එසේ නොවුණහොත් ජනතාවට නිතැතින්ම සිහියට එනු ඇත්තේ රංජන් රාමනායකගේ “උන් ඔක්කොම යාළුවො මල්ලි” යන සුප්‍රසිද්ධ කතාවයි ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...