සිංගප්පුරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍යවරයාට එරෙහි චෝදනාවලින් වැරදිකරු වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිංගප්පුරුවේ හිටපු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියන් ඊශ්වරන්ට එරෙහි චෝදනාවලට ඔහු වැරදිකරු බව එරට අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

සිංගප්පුරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුර කාලය තුළ දී ත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවටයි වැරදිකරු වී තිබෙන්නේ. අධිකරණය ඉදිරියේ ඔහු වරද පිළිගෙන ඇති බව ද සදහන්.

හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියන් ඊශ්වරන්ට මූලිකව දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා තිබුණ ද අද දින නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එම චෝදනා සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ,

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ නඩුවක් සිංගප්පුරුව තුළ ඉතා විරළවන අතර මෙම නඩුව හේතුවෙන් එරට ජනතාව කම්පනයට පත්ව ඇති බවයි.

දූෂණ චෝදනා වරදකට සිංගප්පුරු ඩොලර් ලක්ෂයක් දක්වා දඩයක් හෝ වසර 7ක් දක්වා සිරදඩුවම් නියම කළ හැකියි. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, කෙසේ වුව ද ත්‍යාග ලබා ගැනීමේ චෝදනාවට දඩයකට හෝ වසර දෙකක සිරදඩුවමකට යටත්වීමට හිටපු අමාත්‍යවරයාට සිදුවනු ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...