සුඩානයේ මැලේරියාව, ටයිපොයිඩ් සහ ඩෙංගු උණ රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව දරුණුතම මානුෂීය අර්බුදය පවතින රට වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා ඇති සුඩානයේ පවතින වර්ෂාධික කාලගුණික තත්වය හේතුවෙන් සුඩානයේ මැලේරියාව, ටයිපොයිඩ් සහ ඩෙංගු උණ රෝගීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පවතින වැසි සමය රෝගය පැතිරීම සඳහා කදිම අභිජනන භූමියක් නිර්මාණය කර ඇති අතර, රෝගීන් 5000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති අතර ඉන් විශාල පිරිසක් මියගිස් ඇති බව ද එරට ආරංචිමාර්ග පවසයි.

සුඩානය, සන්නද්ධ හමුදා (SAF) සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායන් (RSF) අතර වසර දෙකහමාරකට ආසන්න කාලයක් පුරා පවතින සටන් හේතුවෙන් කාර්ටූම් අගනුවර රෝහල්වලින් අඩක් පමණ යුද්ධයෙන් විනාශ වී ඇත. මේ හේතුවෙන් රෝගීන් හට නිසි ඖෂධ, පහසුකම් නොමැතිව ජිවිත අවදානමට ලක්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...