සුඩානයේ මැලේරියාව, ටයිපොයිඩ් සහ ඩෙංගු උණ රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව දරුණුතම මානුෂීය අර්බුදය පවතින රට වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා ඇති සුඩානයේ පවතින වර්ෂාධික කාලගුණික තත්වය හේතුවෙන් සුඩානයේ මැලේරියාව, ටයිපොයිඩ් සහ ඩෙංගු උණ රෝගීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පවතින වැසි සමය රෝගය පැතිරීම සඳහා කදිම අභිජනන භූමියක් නිර්මාණය කර ඇති අතර, රෝගීන් 5000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති අතර ඉන් විශාල පිරිසක් මියගිස් ඇති බව ද එරට ආරංචිමාර්ග පවසයි.

සුඩානය, සන්නද්ධ හමුදා (SAF) සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායන් (RSF) අතර වසර දෙකහමාරකට ආසන්න කාලයක් පුරා පවතින සටන් හේතුවෙන් කාර්ටූම් අගනුවර රෝහල්වලින් අඩක් පමණ යුද්ධයෙන් විනාශ වී ඇත. මේ හේතුවෙන් රෝගීන් හට නිසි ඖෂධ, පහසුකම් නොමැතිව ජිවිත අවදානමට ලක්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...