රගර් පිටියේ නමක් තැබූ සිරිකුමාර් දිවි ගමන නවතයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 24, කොළඹ LNW:

හුකර් ක්‍රීඩකයෙක් ලෙස ලාංකේය රග්බි පිටියේ සිය සළකුණ තැබූ කේ.එන්.සිරිකුමාර් සිය දිවි ගමන නිමා කළේය.පීටර්සන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ සිරිකුමාර් පසුව නාලන්දා විද්‍යාලයේ රගර් කණ්ඩායම පුහුණු කිරීමට ද දායක විය.


ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද රගර් ක්‍රීඩාව සමග පැදුණු සිරිකුමාර්ගේ මඟ පෙන්වීම යටතේ ඔහුගේ පුතු ප්‍රවීන් සිරිකුමාර් ද රගර් ක්‍රීඩාවට තර්ස්ටන් විද්‍යාලය සහ පියා නියෝජනය කළ පීටර්සන් ක්‍රිඩා සමාජය ද නියෝජනය කරමින් සම්බන්ධ වී ඇත.
ඔහුගේ අවසන් කටයුතු අද පස්වරුවේ අත්තිඩිය නිසලවිමන පොදු සුසාන භුමියේදී පස්වරු 3.00 සිදු කිරිමට නියමිතය.එතෙක් දේහය අත්තිඩිය හරමානිස් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...