JVP ෆුල්ටයිම් කළාට අපි දේපළ නඩත්තු කරනවා. එහෙම නැත්නම් මහ පිස්සෙක්නෙ – ඇමති ලාල්කාන්ත

තමන් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලිකයෙකු වුවත් තමන්ට හිමි දේපළ තමන් විසින් නඩත්තු කරන බවත් තමන්ගේ වත්ත සහ ගේදොර බලාගැනීම සඳහා නෑදෑයෙකු යොදවා ඇති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ඉඩම් තියෙනවා, ඒවා දැන් මගේ, හැබැයි මං පක්ෂයේ ෆුල්ටයිම් වැඩ, හැබැයි මම ඒවාත් බලනවා. මං සමහරවිට කවුරුහරි දාලා, ඒවායින්ම ආදායම් එනවානෙ, ඒවායින්ම පඩි ගෙවන්න පුළුවන්නෙ. හරි ? එතකොට මම ඒක බලනවා, ඒක නඩත්තු කරනවා. අත්හැරලා දාන්නෙ නෑ. හරිද ? පූර්ණකාලීනකමටත් මනුස්සයෙක් එනකොට නිකම් ඉපදිච්ච ගමන් මොකක්වත් නැතිව එනවා නෙවෙයිනෙ. ඒ මනුස්සයා පූර්ණකාලීන වෙනකොටත් ගොඩක් ජාති තියෙන කෙනෙක් නම් ? එයා අරවා නඩත්තු කරන්න එපැයි, එයා බලන්න එපැයි. ඒ තුළ ඒවායින් යම් ආදායම් වැඩිකරගන්න හිතුවාට කමකුත් නෑනෙ. හිතන්න ඕනෙනෙ. මං හිතන්න එපැයි මගේ අඹ ගස් ටිකෙන් වැඩි ආදායමක් ගන්න. නැතිව ඒවා නිකම් නන්නත්තාර වෙලා යන්න දෙන්න බැහැනෙ ? එතකොට ෆුල්ටයිම් කරනගමනුත් ඒක දිහා බලනවා. යාළුවෙකුට කියනවා, නෑදෑයෙකුට කියනවා, නෑදෑයෙක් දාලා තියෙනවා වත්ත සුද්ද කරන්න, ගෙවල් දොරවල් බලාගන්න. ඒක කරන්න වෙනවා, එහෙම නැත්නම් මහ පිස්සෙක්නෙ ? එතකොට ෆුල්ටයිම් කරනවා කියලා අරවා ඔක්කොම අතෑරලා ෆුල්ටයිම් කරනවා නෙවෙයිනෙ. හැබැයි මම එකක් කියන්නම්, දැනුත් අදත් අපේ පක්ෂයෙන් මා සතුව තියෙන පුද්ගලික ධනයක්, ඔය මං කියන්නෙ ඉඩම් ගෙවල්, අවශ්‍ය වුණොත් ඔක්කොම විකුණලා වුණත් දෙනවා මං. ඒක කියන්නෙ කයිවාරුවකට නෙවෙයි, අපි ඒවා කරලා තියෙනවා අවශ්‍ය නම්. දැන් මේ රජයේ වුවමනාවකට හරි මං ඉන්න පුද්ගලික ගේ හරි ජාතික වශයෙන් අවශ්‍ය වෙනවා නම් මං දීලා එළියට බහිනවා. එහෙම අපිට පුළුවන්”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...