දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/24

Date:

1. රෝයල් පාක් ඝාතනයේ වරදකරු වූ ජූඩ් ජයමහ යන අයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදෙයි.

2. තෝරාගත් සැපයුම්කරු විසින් ක්‍රියාකාරී බැඳුම්කරය ලබා දී නොතිබීම, පවතින නඩු සහ ණය පැහැර හැරීම ආදී කරණු හේතුවෙන් ගෙවීම් සිදුකිරීමේ අවදානමක් ගොඩ නැඟී ඇති බැවින් අගෝස්තු 25 දින ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය අවලංගු කරයි : ලංකා ගල් අඟුරු සමාගම, ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ඉකුත් වසරේ ටෙන්ඩරය සක්‍රීය කිරීමට තීරණය කරයි.

3. කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මීට පෙර තහනම් කරන ලද ග්ලයිෆොසේට් (Glyphosate) වල්නාශකය මීළඟ මහ කන්නයේ දී සියලු භෝග සඳහා භාවිතා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර දෙයි.

4. මුදල් අර්බුදයක් මධ්‍යයේ විදේශ විනිමය උපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය පරණ වානේ රේල් පීලි අලෙවි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

5. පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ආරක්ෂක මූලස්ථාන සහ නිල නිවාස, අගමැති කාර්යාලය සහ අරලියගහ මන්දිරය අවට අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

6. වසර අවසානය වන විට IMF අනුමැතිය යටතේ ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මහ බැංකු නිලධාරීහු ආයෝජකයින්ට දන්වති : කෙසේ වෙතත්, අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විශ්වාස කරන්නේ, මෙම ණය මුදල් ලැබෙන්නේ නම් ඒවා ලබා දීමේ මුල්ම දිනය, 2023 2වන කාර්තුව තුළ යෙදෙනු ඇති බවයි.

7. චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද යුවාන් මිලියන 12.5 (රු. මිලියන 650) වටිනා ඖෂධ තොගයක් ලංකාවට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි. එමෙන්ම ඇමෙරිකානු ඩොලර් 400,000 ක් වටිනා ආහාර සහ අනෙකුත් මානුෂීය ආධාර ද ලංකාවට ලබා දීමට සූදානම් ය. : රටේ වඩාත්ම හදිසි අවශ්‍යතා ලැයිස්තුවක් ලබා දෙන මෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටී.

8. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් ගිවිසුමට එළැඹිය හැකි වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලියට ජපානය සහාය දෙන බව ජපාන තානාපති පවසයි : චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය ලබාදෙන රටවල් සමඟ එක්ව “වැදගත් කාර්යභාරයක්” ඉටු කිරීමට අදහස් කරන බව පවසයි.

9. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කංසා වගා කිරීම සහ එය ආයුර්වේද ඖෂධයක් ලෙස ප්‍රවර්ධනය කිරීම යෝජනා කරයි; එමඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා නව මාර්ග රාශියක් නිර්මාණය බව පැහැදිලි කරයි.

10. පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිසුන්ට අර්ධකාලීනව රැකියා වල නිරත වීමට අවස්ථා ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි : පීඨ 9 හි ම සිසුන්ට විශ්ව විද්‍යාලය තුළම වැඩ කටයුතුවල යෙදීම සඳහා මෙම වැඩසටහන දියත් කෙරෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...