කෝච්චි ගමනත් අවසන් ද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් ක්‍රමය අහෝසි වන බවත්, එයින් දුම්රිය ගාස්තු ද ඉහළ යන බව වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර ඇත්තේ, දැනට රුපියල් විස්සක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමාන ව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමටයි. දුම්රිය වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවක දී බලධාරින් විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බව වාර්තා වේ.

වාර ප්‍රවේශ පත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් විශාල ආදායමක් ලද හැකි බවත් එම ආදායමෙන් සේවක වැටුප් ගෙවිය හැකි බවත් මෙම සාකච්ඡාවේ දී අවධාරණයට ලක් ව ඇති අතර, 19,000කට ආසන්න සේවක පිරිසක් සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට වැටුප් හා දීමනා ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් මෙම යෝජනා සඳහා හේතු වී ඇති බවද සදහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ යෝජනාවත් සමඟ ඉන්දීය ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයන් දුම්රිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවත්, නවීන තාක්ෂණය සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි ගෙන්වීමට ද යෝජනා වී ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...