කෝච්චි ගමනත් අවසන් ද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් ක්‍රමය අහෝසි වන බවත්, එයින් දුම්රිය ගාස්තු ද ඉහළ යන බව වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර ඇත්තේ, දැනට රුපියල් විස්සක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමාන ව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමටයි. දුම්රිය වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවක දී බලධාරින් විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බව වාර්තා වේ.

වාර ප්‍රවේශ පත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් විශාල ආදායමක් ලද හැකි බවත් එම ආදායමෙන් සේවක වැටුප් ගෙවිය හැකි බවත් මෙම සාකච්ඡාවේ දී අවධාරණයට ලක් ව ඇති අතර, 19,000කට ආසන්න සේවක පිරිසක් සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට වැටුප් හා දීමනා ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් මෙම යෝජනා සඳහා හේතු වී ඇති බවද සදහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ යෝජනාවත් සමඟ ඉන්දීය ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයන් දුම්රිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවත්, නවීන තාක්ෂණය සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි ගෙන්වීමට ද යෝජනා වී ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...