විශ්‍රාමික විගණකාධිපතිවරුගේ දීමනාව ගැන තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්‍රාමික විගණකාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප සමග දෙන රුපියල් 25,000 ක දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව ඊළඟ රැස්වීමේදී සම්මත කිරීමට නියමිතා බවයි වාර්තා වන්නේ.ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 28 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය.

පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.එම යෝජනාවේ සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාට රජයේ ඒකාබද්ධ අරමුදලට වැය වරක් වන පරිදි ඉහත සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම සහිත දීමනාව ගෙවිය යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...