රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවෙනවා – ජන මාධ්‍ය ඇමති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

ජන මාධ්‍ය අමාත්‍යාංශයේදී , ජන මාධ්‍ය , බුද්ධ ශාසන සහ ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින්, රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මේ අතර බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ හිමිව තිබෙන ස්ථානය එලෙසින්ම රැක ගන්නා බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළ අතර, ජන මාධ්‍ය , බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද එම අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කළේය.

මෙහිදි සර්ව ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද නව අමාත්‍යවරයාට හිමිවු අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළේය.

තවද, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වු විජිත හේරත් මහතා අද (25) එම අමාත්‍යාංශයේ වැඩ භාරගැනීම සිදුකෙරුණු අතර අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...