දකුණු ආසියාව දිනූ මාතර කණිටු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

ඉන්දියාවේ පැවති දකුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දි ශ්‍රී ලංකාවට රන්,රිදී සහ ලෝකඩ ජයග්‍රහණ ගෙනවිත් දුන් මාතර දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීමට මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබුණා.එහිදී එම ජයග්‍රහණ පිටුපස යෝධ ශක්තිය වූ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ද ඇගයීමට සහ පිළිගැනීමට ලක් වුණා.


එසේ රටට කීර්තියක් ගෙනෙන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් වූයේ ලාල් අබේවික්‍රම,අමිල හපුගල සහ කීර්ති කුමාරයි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ කුසලතාවයන් පහතින් දැක්වෙනවා.
දිනෙත් ඉඳුවර වීරරත්න මීටර් 100 – රිදී 100 සහය දිවීම රන්
තක්ෂිමා නුහන්සා කොඩිතුවක්කු මීටර් 400 – ලෝකඩ සහ 400 සහය දිවීම – රිදී
නේත්‍රා සමාධි උස පැනීම – රිදී
විශ්ව තාරුක මීටර් 110 කඩුලු – ලෝකඩ
එම පිළිගැනිමේ අවස්ථාවේ ඡායාරූප සටහන් කිහිපයක් මේ සමග දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...