ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තැන් තැන්වල නතර කර ගිහින්.වාහන 29ක් අතුරුදහන්!

Date:

කොළඹ LNW:රාජ්‍ය දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කොට ඔවුන් සියලු දෙනාගේ නම් හෙළි කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

කොළඹ ස්ථානයක කිහිපයක රජයට අයත් වාහන නවතා තබා යෑම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නවතා දමා ගොස් ඇති රජයේ වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි සමරසිංහ මහතා මේ බව පැවසුවේ.

”ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. හිටපු ජනාධිපතිවරුන්ගෙන් අහනවා මේ වාහන ගිලලද තියෙන්නේ. තමන්ට වගකීමක් තියෙනවා තමන්ගේ ධුර කාලයේ තියෙන දේපොළ ආපහු ජනතාවට භාර දීල යන්න. ජනධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් පිට දුවනවා. ඒවා තමයි මේ දුවගෙන ඇවිත් තැන් තැන්වල නවත්වල තියෙන්නේ. මෙහෙම වාහන නවත්වල යන්නේ ඇයි? ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුනම රටේ නාස්තිය නවතින හැටි කියන උදාහරණයක් මේ. වාහන භාර දුන්න අයගේ විස්තර අපි දැන් ඉල්ලා තියෙනවා. වාහන භාර දුන්නේ කාටද කියල අපි හොයනවා.”

එමෙන්ම තවත් බොහෝ හෙළිදරව් වීම ඉදිරියේදී සිදුවනු ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාවේ සිට පාස්කු ප්‍රහාරයේ සිට බාර් ලයිසන් දුන අයගේ ලිස්ට් එක පවා අනාවරණය වීමට නියමිත බවයි සමරසිංහ මහතා කියාසිටියේ.

ඒවා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බවද ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...