ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තැන් තැන්වල නතර කර ගිහින්.වාහන 29ක් අතුරුදහන්!

Date:

කොළඹ LNW:රාජ්‍ය දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කොට ඔවුන් සියලු දෙනාගේ නම් හෙළි කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

කොළඹ ස්ථානයක කිහිපයක රජයට අයත් වාහන නවතා තබා යෑම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නවතා දමා ගොස් ඇති රජයේ වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි සමරසිංහ මහතා මේ බව පැවසුවේ.

”ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. හිටපු ජනාධිපතිවරුන්ගෙන් අහනවා මේ වාහන ගිලලද තියෙන්නේ. තමන්ට වගකීමක් තියෙනවා තමන්ගේ ධුර කාලයේ තියෙන දේපොළ ආපහු ජනතාවට භාර දීල යන්න. ජනධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් පිට දුවනවා. ඒවා තමයි මේ දුවගෙන ඇවිත් තැන් තැන්වල නවත්වල තියෙන්නේ. මෙහෙම වාහන නවත්වල යන්නේ ඇයි? ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුනම රටේ නාස්තිය නවතින හැටි කියන උදාහරණයක් මේ. වාහන භාර දුන්න අයගේ විස්තර අපි දැන් ඉල්ලා තියෙනවා. වාහන භාර දුන්නේ කාටද කියල අපි හොයනවා.”

එමෙන්ම තවත් බොහෝ හෙළිදරව් වීම ඉදිරියේදී සිදුවනු ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාවේ සිට පාස්කු ප්‍රහාරයේ සිට බාර් ලයිසන් දුන අයගේ ලිස්ට් එක පවා අනාවරණය වීමට නියමිත බවයි සමරසිංහ මහතා කියාසිටියේ.

ඒවා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බවද ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...