නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුව කඩාවැටීමෙන් භික්ෂූන් වහන්සේලා 07 නමක් අපවත් වෙති !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැල්සිරිපුර, පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ යොදවා තිබූ කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් ඊයේ (24) රාත්‍රියේ සිදුවූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇති බව වාර්තා වේ.

අපවත් වූ හිමිවරුන් අතර රුසියානු භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු, කාම්බෝජ භික්ෂූන් වහන්සේකෙනෙකු සහ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සිව් නමක් වන බව සඳහන්.

ඊයේ රාත්‍රී 09.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාව වනවිට කේබල් ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13 නමක් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

ඔවුන් මෙම කේබල් ඩක්කුවේ නැඟී කඳු මුදුනේ පිහිටි භාවනා කුටි කරා ගමන් කරමින් සිටියදී කඳු මුදුනට ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා විය.

අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා ප්‍රතිකාර සඳහහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...