නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ HSBC සිල්ලර මෙහෙයුම් අත්පත් කරගැනීමට සූදානමින්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු මෙහෙයුම් රුපියල් බිලියන 18 කට අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් කරන බව නිවේදනය කර තිබේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම අනාවරණය සිදුකර ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමිනි.

පෙරේදා (23) දිනයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ ගිවිසුම සඳහා ඊයේ (24) දිනයේ දී එළඹ ඇත.

මෙම ගිවිසුම 2026 පළමු භාගයේ දී අවසන් කිරීමට නියමිත බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමට අනුව HSBC ශ්‍රී ලංකාහි ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතු, ක්‍රෙඩිට් කාඩ්, ගනුදෙනුකරුවන් 200,000කට ආසන්න පිරිසකගේ පුද්ගලික ණය සහ ගිණුම් ඊට අයත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...