හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක් !

Date:

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබසින විටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුට ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස එම ලිපියෙන් දැනුම් දී ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සිව්දෙනෙකු හිටපු අමාත්‍යවරයාට මෙම ලිපිය භාරදී ඇත්තේ ඔහු ආගමන විගමන අංශය හරහා රට තුළට ඇතුළු වීමටත් පෙර බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...