හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක් !

Date:

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබසින විටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුට ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස එම ලිපියෙන් දැනුම් දී ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සිව්දෙනෙකු හිටපු අමාත්‍යවරයාට මෙම ලිපිය භාරදී ඇත්තේ ඔහු ආගමන විගමන අංශය හරහා රට තුළට ඇතුළු වීමටත් පෙර බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...