කොළඹ වටේ කැරකෙමින් රුපියල් 9000 ට කෑම 300 ක් කන්න පුළුවන් තැනක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

කොළඹ නගරයේ තරු පංති හෝටල්වල භෝජන සංග්‍රහ අතරට වැටෙන අලුත් අත්දැකීමක භෝජන සංග්‍රහයක් හැටියට නෙළුම් කුළුණේ කැරකෙන අවන්හලේ භෝජන සංග්‍රහය හැඳින්විය හැකිය.කෑම වර්ග 300 ක් එහිදී ඔබේ රස වින්දනය වෙනුවෙන් සූදානම්ව තිබෙන අතර එක් අයෙකුට වියදම් වන්නේ රුපියල් 9000 ක් පමණි.


රුපියල් 9000 කි න් විවිධ සංස්කෘතීන්ට අනුව ගැලපෙන ආහාර වර්ග මෙන්ම අතුරුපස ද එකතුව 300 ක් වෙද්දී ඒ රස කැමති විදිහට විඳන අතරේ ඔබට ලැබෙන ආහාර රසය දෙගුණ තෙගුණ වන්නේ එය මුළු කොළඹම ඉහළ සිට දැකිය හැකි වීමයි.එක පෙදෙසක් ස්ථානයක් නොවී එය මුළු කොළඹම වන්නේ ඔබ ආහාර ගනිමින් සිටින තැන කැරකෙමින් පවතින නිසයි.


විනාඩි කිහිපයක ඔබට පේන කොළඹ වෙනස් වෙමින් හිතත් රසවත් කර ගනිමින්,මුවත් රසයෙන් පුරවාගත හැකි අත්දැකීමකට පිවිසෙන්නට කොළඹට පැමිණ හොඳ ආහාර වේලක් රස විඳින්නට අපේක්ෂා කරන්න විදේශිය සංචාරකයින්ට පමණක් නොව දේශිය සංචාරකයන්ටත් නෙළුම් කුළුණ අවන්හල හොඳ අවස්ථාවක් උදා කර ඇත.
ඇවිද ඇවිද කෑම හොඳ පුරුද්දක් නොවේ.ඒත් කෑම ඔබ සම්මුඛව තබා, ඔබව අසුනකට බර කොට නිසොල්මනේ ඔබට ආහාර රසය උපරිමයෙන් විඳින්නට ඉඩ දී ඔබට මුළු කොළඹම දැක ගත හැකි අවස්ථාවක් ලැබේනම් ඔබ ඒ වෙහෙසකර නොවන සංචාරයට අකමැති නොවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...