කුඩු අල්ලන එක විතරක් නෙවෙයි ජාවාරම පිටිපස්සේ ඉන්න අයත් හෙළි කරන්න – නාමල්

Date:

කොළඹ LNW:කුඩු අල්ලන එක පමණක් නොව ඒ පිටුපස සිටින අය ගැනත් හෙළිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව දැන් කයිවාරු ආණ්ඩුව පමණක් නොව කුඩු ආණ්ඩුව බවට පත්වෙමින් සිටින අතර ඔවුන්ගේ වැරැද්ද වසා ගැනීමට වෙනත් අය මත වැරදි පටවමින් පසුවෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ආණ්ඩුවට මුවාවී රාජ්‍ය රැකවරණය ලබන පුද්ගලයින් ආරක්ෂා නොකරන ලෙස එහිදී ඔහු ප්‍රකාශ කරන ලදී.

”ඔබතුමාලා අපි එක්ක තියෙන ඇරියස් එක වෙනම බේරගන්න. අපි එක්ක තියෙන ප්‍රශ්නයකට මේ රටේ මත් ද්‍රව්‍ය ජාවාරමට හෝ සංවිධානාත්මක අපරාධවලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා. ඔබ අපිට චෝදනා කරන කොට මතක තියා ගන්න මේවා පිටුපස සිටින සැබෑ ත්‍රස්තවාදීන් සැබෑ ජාවාරම්කරුවන් අපේ පිට දාලා ඔවුන් නිදහස් වෙන්න උත්සහ කරනවා.” යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...