කුඩු අල්ලන එක විතරක් නෙවෙයි ජාවාරම පිටිපස්සේ ඉන්න අයත් හෙළි කරන්න – නාමල්

Date:

කොළඹ LNW:කුඩු අල්ලන එක පමණක් නොව ඒ පිටුපස සිටින අය ගැනත් හෙළිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව දැන් කයිවාරු ආණ්ඩුව පමණක් නොව කුඩු ආණ්ඩුව බවට පත්වෙමින් සිටින අතර ඔවුන්ගේ වැරැද්ද වසා ගැනීමට වෙනත් අය මත වැරදි පටවමින් පසුවෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ආණ්ඩුවට මුවාවී රාජ්‍ය රැකවරණය ලබන පුද්ගලයින් ආරක්ෂා නොකරන ලෙස එහිදී ඔහු ප්‍රකාශ කරන ලදී.

”ඔබතුමාලා අපි එක්ක තියෙන ඇරියස් එක වෙනම බේරගන්න. අපි එක්ක තියෙන ප්‍රශ්නයකට මේ රටේ මත් ද්‍රව්‍ය ජාවාරමට හෝ සංවිධානාත්මක අපරාධවලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා. ඔබ අපිට චෝදනා කරන කොට මතක තියා ගන්න මේවා පිටුපස සිටින සැබෑ ත්‍රස්තවාදීන් සැබෑ ජාවාරම්කරුවන් අපේ පිට දාලා ඔවුන් නිදහස් වෙන්න උත්සහ කරනවා.” යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...

අතකට කරන්න පුලුවන් අරුමය!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර...