පිදුරුතලාගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ සිටි තරුණ තරුණියන්ට සිදු වූ දේ..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින් විසින් නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව සඳහන් වේ. එබැවින් සැකකරුවන්ට දඬුවම් ලබාදීම ඔක්තොම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ, පුද්ගලයින් පිරිසක් පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ ඒ අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිළධාරින්ට ලද තොරතුරක් මතයි.

ඔවුන් අවුරුදු 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් පිරිසක් බව තොරතුරු වාර්තා වේ.

ගාල්ල, පානදුර සහ කුරුණෑගල ඇතුලු‍ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අදාල සැකකරුවන් මුහුණු පොත හරහා හඳුනාගෙන ඇති පිරිසක් බව, විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...