පිදුරුතලාගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ සිටි තරුණ තරුණියන්ට සිදු වූ දේ..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින් විසින් නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව සඳහන් වේ. එබැවින් සැකකරුවන්ට දඬුවම් ලබාදීම ඔක්තොම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ, පුද්ගලයින් පිරිසක් පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ ඒ අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිළධාරින්ට ලද තොරතුරක් මතයි.

ඔවුන් අවුරුදු 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් පිරිසක් බව තොරතුරු වාර්තා වේ.

ගාල්ල, පානදුර සහ කුරුණෑගල ඇතුලු‍ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අදාල සැකකරුවන් මුහුණු පොත හරහා හඳුනාගෙන ඇති පිරිසක් බව, විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...