අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව ගැන නීතීඥ සංගමයෙන් සැර නිවේදනයක් …

Date:

කොළඹ ප්‍රදේශ රැසක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්ටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය රහස් පනත භාවිතා කරමින් මෙසේ අධි ආරක්ෂිත කලාප නම් කිරීම ඔස්සේ රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමීව රැස්වීමේ අයිතිය ඇතුළු අයිතීන් උල්ලංඝනය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම රාජ්‍ය රහස් පනත භාවිතා කරමින් අධි ආරක්ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එම සංගමය සඳහන් කරයි.

ඒ අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!