වහාම මේ ඒකාධිපති වියරුව නවත්වන්න – අනුර ආණ්ඩුවට කියයි (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙනයන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී ක්‍රියාපිළිවෙත වහාම නතර කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“ඇතුළට දාන්න ඕනෙ අය එළියේ. එළියෙ ඉන්න ඕනෙ අය ඇතුළට දාලා. මේ උද්ඝෝෂණ ඉතාමත් සාමකාමී උද්ඝෝෂණ. කිසිවෙක් කඩාකප්පල්කාරී ලෙස හැසිරුණේ නෑ. මේ රනිල් වික්‍රමසිංහත් රාජපක්ෂලාත් මුළුමනින්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළලා ජනතාවට බයේ බංකර්වල ජීවත්වෙන නායකයො වෙන්න තමයි මේ සැලසුම හදලා තියෙන්නෙ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂලාටත් මේ ආණ්ඩුවටත් කියන්නෙ, මේ ඉතාමත් මෘග, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති වියරුව වහාම නතර කරන්න ඕනෙ. අද මේක නතර කරන්න පුළුවන් වෙයි, හැබැයි හෙට දිනයේ ලක්ෂ ගණන් කොළඹට එන එක නතර කරන්න බෑ රනිල් වික්‍රමසිංහලාට. 85ක් අත් අඩංගුවට අරන් තියෙනවා, 5 දෙනෙක් තුවාල වෙලා රෝහල්ගත කරලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා මේ කරන මෘග ප්‍රහාරයන්ට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්වනවා. මේ නිසා අපි රනිල්ටත් මේ ප්‍රහාර මෙහෙයවන අයටත් කියන්නෙ, ජනතාවට බයේ හැංගෙන්න තැන් හොයාගන්න. ඒ නිසා වහාම මේ මර්දනය නතර කරන්න කියලා අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති විරෝධතාවකදී අත් අඩංගුවට ගත් පිරිස පිළිබඳ සොයාබැලීම සඳහා මරදාන පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...