වහාම මේ ඒකාධිපති වියරුව නවත්වන්න – අනුර ආණ්ඩුවට කියයි (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙනයන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී ක්‍රියාපිළිවෙත වහාම නතර කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“ඇතුළට දාන්න ඕනෙ අය එළියේ. එළියෙ ඉන්න ඕනෙ අය ඇතුළට දාලා. මේ උද්ඝෝෂණ ඉතාමත් සාමකාමී උද්ඝෝෂණ. කිසිවෙක් කඩාකප්පල්කාරී ලෙස හැසිරුණේ නෑ. මේ රනිල් වික්‍රමසිංහත් රාජපක්ෂලාත් මුළුමනින්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළලා ජනතාවට බයේ බංකර්වල ජීවත්වෙන නායකයො වෙන්න තමයි මේ සැලසුම හදලා තියෙන්නෙ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂලාටත් මේ ආණ්ඩුවටත් කියන්නෙ, මේ ඉතාමත් මෘග, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති වියරුව වහාම නතර කරන්න ඕනෙ. අද මේක නතර කරන්න පුළුවන් වෙයි, හැබැයි හෙට දිනයේ ලක්ෂ ගණන් කොළඹට එන එක නතර කරන්න බෑ රනිල් වික්‍රමසිංහලාට. 85ක් අත් අඩංගුවට අරන් තියෙනවා, 5 දෙනෙක් තුවාල වෙලා රෝහල්ගත කරලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා මේ කරන මෘග ප්‍රහාරයන්ට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්වනවා. මේ නිසා අපි රනිල්ටත් මේ ප්‍රහාර මෙහෙයවන අයටත් කියන්නෙ, ජනතාවට බයේ හැංගෙන්න තැන් හොයාගන්න. ඒ නිසා වහාම මේ මර්දනය නතර කරන්න කියලා අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති විරෝධතාවකදී අත් අඩංගුවට ගත් පිරිස පිළිබඳ සොයාබැලීම සඳහා මරදාන පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...