*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/25

1. ලෝකයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වූ රටවල් අතර ශ්‍රී ලංකාව 03 වන ස්ථානයේ පසුවන බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය ස්ටීව් හැන්කෙ පවසයි – පළමු ස්ථානය සිම්බාබ්වේ; දෙවන ස්ථානය කියුබාව.

2. රටේ පවතින වත්මන් බඩඉරිඟු හිඟයට පිළියම් වශයෙන්, සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා මෙට්‍රික් ටොන් 25,000 ක බඩඉරිඟු හෝ විකල්ප ධාන්‍ය ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය.

3. ඔක්තෝබර් 09 වන දින සිට කොළඹ සහ මොස්කව් අතර ඒරොෆ්ලොට් (Aeroflot) ගුවන් ගමන් නැවත ආරම්භ වනු ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පවසයි.

4. කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාන අධි-ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවධානය!

5. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (CoPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (CoPE) සභාපතිධුරයන් විපක්ෂයට ලබා දෙන බවට රජය කිසිවිටක පොරොන්දු වී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. – මෙවන් සාවද්‍ය ප්‍රකාශ ඔස්සේ රට නොමඟ හැරීමට විපක්ෂය කටයුතු කරන බවට චෝදනා කරයි.

6. කොළඹ අධි-ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කරීමට එරෙහිව විරෝධතා පැවැත්වූ පුද්ගලයන්ට පොලීසියේ ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර – සමාජවාදී තරුණ සංගමයේ (SYU) ජාතික සංවිධායක එරංග ගුණසේකර, බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක ඇතුළු 84 දෙනෙකු අත්අඩංගුවට!

7. වත්මන් ආර්ථික අර්බුදය කුකුළු මස් සහ බිත්තර නිශ්පාදනයට සිදුකර ඇති ප්‍රභල බලපෑම හමුවේ කුකුළු මස් කර්මාන්තයේ අනාගතය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ අවධානය.

8. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පිළිගත් දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරන “ජාතික සභාවක්” ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුව ඡන්ද විමසුමකින් තොරවම පනතක් සම්මත කරයි! – මෙම ජාතික සභාව, කෙටි-කාලීන, මධ්‍ය-කාලීන සහ දිගු-කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනයන් සඳහා මඟපෙන්වීමේ වගකීම දරනු ලබයි – අදාළ පනත ඉදිරිපත් කරනු ලැබුවේ සියලු දේශපාලන පක්ෂ සමඟ ඇතිකරගත් එකඟතාවයකින් අනතුරුව බව අග්‍රමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

9. අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරයි. – ඒ අනුව, අමාත්‍යවරුන්ගේ ගමන් ‘අත්‍යාවශ්‍ය ගමන්’ වලට පමණක් සීමා වෙයි.  – දූත මණ්ඩල ‘අවශ්‍ය පිරිස්’ වලට පමණක් සීමා වෙයි.

10. දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම අලියා වන 80 හැවිරිදි “බන්දුල” මියයයි! – 1943 වර්ෂයේ දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබූ එවකට අවුරුදු 01 ක් වයසැති පැටවකු වූ බන්දුල, සත්වෝද්‍යානයේ ප්‍රධාන සංචාරක ආකර්ෂක අංගයක් වූ ‘අලි සෙල්ලම්’ ඉදිරිපත් කිරීම සඳහා පුහුණුව ලැබූ සත්ත්වයකු විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan