ෂී ජින්-පින් නිවාස අඩස්සියේද ? නිරෝධායනයේද ?

Date:

චීනය පිළිබඳව මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. චීනය සම්බන්ධයෙන් විවිධ පුවත් නිර්මාණය වී තිබේ.

චීන මහජන විමුක්ති හමුදාව විසින් හමුදා කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අල්ලාගෙන ඇති බවටත්, ජනාධිපති ෂී ජින්-පින් නිවාස අඩස්සියට පත්කර ඇති බවටත් පුවත් පළ වේ.

තවත් පුවතකින් කියන්නේ හුනාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ හමුදා රථ පෙළක් හුබෙයි ප්‍රාන්තය වෙත පැමිණෙන විට එය කිලෝමීටර් 80 ක් පමණ දිගු වූ බවයි.

හමුදා ප්‍රධානී ලී කියෝමිං චීනයේ මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවද වාර්තා වෙනවා.

කිසිදු හේතුවක් නොදන්වා චීනයේ අභ්‍යන්තර ගුවන් ගමන් 9000 කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති බව තවත් පුවතකි.

චීනයේ සැබෑ තත්වය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා ගැනීම තරමක් අපහසුය. ඒ, එරට ජනමාධ්‍ය දැඩිලෙස පාලනය කර ඇති බැවිනි. මෙම තත්වය මත චීනය සම්බන්ධයෙන් බොහෝ අසත්‍ය පුවත් නිර්මාණය වන බැවින් වාර්තා වන පුවත් එකවරම විස්වාස කළ නොහැකිය.

චීනය තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවටද පුවත් පළ වේ. ෆැක්ට්-චෙකර්ස්ලා පවසන්නේ මහජන විමුක්ති හමුදාව යනු චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්ෂයේම කොටසක් බවයි.

හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් විස්වාස කළහැකි කිසිදු පුවතක් මේ දක්වා වාර්තා වී නොමැති බවද ෆැක්ට්-චෙකර්ස්ලා පවසනවා.

චීන ජනාධිපති ෂී ජින්-පින් පසුගිය දින කිහිපය පුරා ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ නිරෝධායනය වෙමින් සිටින නිසා වියහැකි බවත්, ඔහු ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ සමුළුවට සහභාගිවී සියරට පැමිණ තවමත් ගතවී ඇත්තේ දින කිහිපයක් පමණක් බවත් ෆැක්ට්-චෙකර්ස්ලා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...