කොළඹටම එළවළු කොළඹින්ම දෙන්න ඇමති සැරසෙයි!

Date:

කොළඹ LNW:කොළඹ එළවළු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාදුක්ක මීරියගල්ල ගම එළවළු වගා කරන ගමක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොළඹදී පාරිභෝගිකයින්ට වැඩි මුදලකට එළවළු සහ පලතුරු මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් මෙවැනි තීරණයකට එළඹ ඇත්තේ.

ඒ අනුව කොළඹට අවශ්‍ය එළවළු කොළඹ දිස්ත්‍රික්කය තුළම වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස පාදුක්ක මීරියගල්ල ගම්මානය තෝරා ගෙන ඇති අතර එම ගමේ ගොවීන් තිස් දෙනෙක් මේ වනවිටත් පළමු අදියර එළවළු වගාව සඳහා තෝරා ගෙන ඇති බව සඳහන්.

මේ යටතේ අක්කර 250ක එළවළු වගා කිරීමට නියමිතයි.

මීරිගයගල්ල ගමේ ගොවීන්ට එළවළු වගාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයන අතර පොලිටනල් තුළ වගාව සඳහා එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 05ක් බැගින් මුල්‍ය සහනාධාර ද ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ ”අනුරාධපුර, මොණරාගල ප්‍රදේශයේ රුපියල් 10කටවත් අලෙවි කර ගැනිමට නොහැකි වට්ටක්කා කොළඹ දී රුපියල් 80ට වඩා ඉහළ යනවා. මේ මිල කිසි දිනෙක අඩු වන්නේ නැහැ. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලි ගාස්තු ගෙවන්න කැකිරි කිලෝ 10ක් විකුණන්න වෙනවා කියළා මාධ්‍යයේ පළ වී තිබුනා. නමුත් කොළඹ කැකිරි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක් විතර වෙනවා.මේ නිසා කොළඹට අවශ්‍ය එළවළු අපි කොළඹම හදනවා. එතකොට අතරමැදියන්ට හෝ නාඩිකාරයින්ට පාරිභෝගිකයින් ගසා කන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම පාදුක්කේ මිරියගල්ල ගමේ හදන එළවළු ගොවීන්ම කොළඹට සපයනවා. අතරමැදියන්ට ඊට මැදිහත් වෙන්න දෙන්නේ නැහැ. මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපි ගොවීන්ට ලබා දෙනවා” යනුවෙනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...