සංචාරක පැමිණීමේ අඩුවක්, වීසා ගැටළුවත් බලපාලා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

සැප්තැම්බර් මාසය සඳහා සංචාරක පැමිණීම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වීසා නිකුත් කිරීම පිළිබඳ පැන නැගී ඇති ගැටලු ද ඊට හේතුවක් විය හැකි බව ,එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේ සිට වීසා සැකසීමේ ආයතනය වෙනස් වීමත් සමග විදෙස් සංචාරකයින් සඳහා එම ක්‍රියාවලිය වඩාත් මිල අධික හා දුෂ්කර වී ඇතැයි සඳහන්ය. කෙසේවෙතත් රටවල් 39ක පුරවැසියන් සඳහා වීසා රහිත සංචාරක අවස්ථා ඔක්තෝබර් මාසයේදී ආරම්භ වනු ඇති බව සභාපතිවරයා විශ්වාසය පළ කර තිබේ.

ඒ අනුව, 2024 දී සංචාරක පැමිණීමේ මිලියන 2.3ක් වූ ඉලක්කය කරා ළඟා වීමට එමගින් හැකිවනු ඇතැයි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ මාසයේ සැප්තැම්බර් පළමු වැනි දා සිට 17 දක්වා, විදෙස් සංචාරකයින් 92,639ක් පැමිණ ඇති අතර ඒ සමග මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ගණන මිලියන 1.45 ඉක්මවා ගොස් අති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...