හිටපු ඇමති මනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි !

Date:

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර තමන්ට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලමිනි.

අංක 58531/01/2025 දරණ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අද (26) පස්වරුවේ සලකා බැලීමට නියමිතව ඇති අතර ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, ජ්‍යේෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක, නීතීඥ සංජීව ඇන්තනි ඇතුළු නීතීඥ මඬුල්ලක් මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) දිනයේදී අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස මනුෂ නානායක්කාර මහතාට පෙරේදා (24) රාත්‍රියේ එම කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් දැනුම් දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...