සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විත, නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විත, නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. එම සමාගම්වලය.

එම සමාගම් වන්නේ..

නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර්  ප්‍රයිවට් ලිමිටඩ්,
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් 
යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම ඉදිරි සතිය ඇතුළත් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩල සේවකයින්ට තම කැමැත්ත මත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27 වැනිදා දක්වා අවස්ථාව පවතින බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන ලද අතර, ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය  සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහත කර ඇත..

ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර, එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගත හැකි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...