වරෙන්තු නිකුත් කරන ලද අශෝක් පතිරගේ ඇතුළු ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය මාලිගාකන්ද උසාවියට

Date:

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණු කෝටිපති ව්‍යාපාරික අශෝක් පතිරගේ ඇතුළු ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වනවිට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, තමන්ට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටීම සඳහා ය.

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ අලෙවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවක් සඳහා අධිකරණයට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර තිබියදී ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඊයේ (25) දිනයේදී වරෙන්තු නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...