Dinemore වෙතින් ‘DinemoreGo’ එළිදැක්වේ

Date:

Dinemore සමාගම (Dinemore Ltd.), සිය නවතම ව්‍යාපාරය වන ‘DinemoreGo’ හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. වේගය, පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ දැරිය හැකි මිල යන සාධක පදනම් කරගනිමින්, ‘DinemoreGo’ නිර්මාණය කර ඇත්තේ Dinemore සතු විශ්වාසනීය උරුමය දිවයින පුරා එදිනෙදා ජීවන රටාවන්ට වඩාත් සමීප කරවීම සඳහා ය.

සිය ව්‍යාපාර ව්‍යාප්ති සමූහයේ කොටසක් ලෙස, ඩිනමෝ සමාගම විසින් මෑතකදී ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් සමාගම (International Restaurant Systems Ltd.) මිලදී ගන්නා ලදී. එම සමාගම මීට පෙර ගෝලීය සන්නාමයක් සඳහා වූ ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් බලපත්‍රය හිමි කරගෙන තිබුණි.

මෙම මිලදී ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ස්ථාන 14ක පිහිටි අවන්හල් ජාලයක් Dinemore සමාගම සතු වන අතර, එමගින් ජනාකීර්ණ මර්මස්ථානවල Dinemore සන්නාමයේ පැවැත්ම ශක්තිමත් වේ. තවද, වසර 30කට ආසන්න කාලයක් පුරා පවත්වාගෙන ආ විශ්වාසනීය ගුණාත්මක භාවයෙන් යුතුව මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමට ඇති හැකියාවද මෙමගින් වැඩි දියුණු වේ.

Dinemore හි නිර්මාතෘ එම්.එස්.එම්. රිෂාඩ් මහතා මෙසේ පැවසීය: “අපගේ ගමනේ උද්වේගකර නව අවධියක් සනිටුහන් කරමින් ‘DinemoreGo’ හඳුන්වා දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ඩිනමෝ සතු ගුණාත්මකභාවය සහ සේවාව පිළිබඳ උරුමය ඉදිරියට ගෙන යමින්, මෙම නව අලෙවිසැල් මගින් අපගේ නැවුම් සහ විශිෂ්ට භෝජන අත්දැකීම වඩාත් වේගවත්ව සහ පහසුවෙන් ලබා දෙනු ඇත.”

මෙම සන්ධිස්ථානයත් සමඟ, Dinemore සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් (QSR) සන්නාමයක් ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරයි. නූතන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි පරිණාමය වෙමින්, සිය නවෝත්පාදන උරුමයට සහ පාරිභෝගික විශ්වාසයට පාත්‍ර වෙමින්, එම සමාගම දිවයිනේ භෝජන සංස්කෘතිය හැඩගැස්වීම අඛණ්ඩව සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...