විපක්ෂයේ විශ්වාසභංග ප්‍රශ්නය: කථානායකටත් විශ්වාසභංගයක් ගෙන ඒමට සැරසෙයි!

Date:

කොළඹ LNW: වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණයක් කර ඇති බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එය නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් කථානායකවරයා එම ධූරයට නොගැළපෙන අතර ඔහු ඔහු විසින්ම ස්ථාවර නියෝග පවා කඩකර තිබෙන බව අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

”ගරු නියෝජ්‍ය කථානයකතුමනි වර්තමාන කථානායකතුමා ගැන කණගාටුවෙන් කියන්න ඕනේ එතුමා මේ ධූරය දරන්න සුදුසුකම් නෑ. ඒ ධූරය දරන්න අවශ්‍ය කරන හික්මීම නෑ. අවශ්‍ය කරන අපක්ෂපාතීත්වය නෑ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අසුනට තියෙන ගෞරවය තියෙනවා. කථානායකකමට තියෙන ගෞරවය තියෙනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය තියෙනවා. හැබැයි ඔය මුලසුන දරන්නට එතුමාට සුදුසුකම් නෑ. ස්වාධීනත්වය නැතිකරන් තියෙනවා. එතුමා එතුමා විසින් ස්ථාවර නියෝග කඩකරලා තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි විපක්ෂය හැටියට කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව තීරණයක් අරන් තියෙනවා. එය නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරනවා කියන කාරණය කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...