පුවත් පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යක් – රට තුළ ඉන්සියුලින් හිඟයක් නෑ!

Date:

කොළඹ LNW: රට පුරා රෝහල්වල ඉන්සියුලින් හිඟයක් පවතින බවට පළව තිබෙන පුවත් පත් වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අදාළ මාධ්‍යවේදියාට එක් රජයේ රෝහලකදී ලද යම් අත්දැකීමක් මත වෛද්‍ය සැපයුම් අංශයෙන් හෝ කිසිදු විමසීමක් නොකර රට පුරා ඉන්සියුලින් හිඟයක් ඇති බවට පුවතක් පළකර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි සති තුනකට අවශ්‍ය වන ඉන්සියුලින් වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු ආයතන සතුව ඇති අතර ඔක්තෝම්බර් මුල් සතිය වන විට ඉදිරි මාස එකහමාරකට සරිලන ඉන්සියුලින් තොගයක් ලැබෙන බවත් ඔක්තෝම්බර් මාසය අවසන් වන විට තවත් මාස හතරකට සරිලන ඉන්සියුලින් ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මේ අතර ඖෂධ සැපයුම් ක්‍රියාවලියේදී රජයේ පාර්ශවයෙන් අවශ්‍ය ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබියදීත් සැපයුම්කරුවන්ගේ පාර්ශවයෙන් ගැටළු මතුවන බවද අමාත්‍යවරයා පැවසුවේය. කෙසේවෙතත් රජයේ පිරිවිතරයන් අනුව සහතික කරන ලද ගුණත්වයෙන් යුතු ඖෂධ පමණක් පිළිගන්නා අතර සැපයුම්කරුවන්ගේ අවශ්‍යතාව පරිදි ඊට වඩා අඩු ගුණත්වයෙන් යුතු ඖෂධ පිළිගැනීමට රජය කිසිසේත් කටයුතු නොකරන බවද නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන අභියෝගය වී තිබෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ රජයේ රෝහල් තුළ නොමිලයේත් ඉන් පිටත මිල පාලනයක් සහිතව සහනදායි මිලට අඛණ්ඩව ලබා දීම බවද අමාත්‍යවරයා කියාසිටියේය.

මෙම කාරණය සැලකිය යුතු ලෙස නිරාකරණය කරගැනීමටද මේ වන විට හැකිවෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

යම්කිසි අයුරකින් අද දවසේදී යම් ඖෂධ හිඟයක් පවතින්නේ නම් එය සිදුව ඇත්තේ පසුගිය වසරේ නියමිත කාලවලදී නියමිත ඇනවුම් නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (25) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති ලෝක ඖෂධවේදීන්ගේ දිනය නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ වැඩසටහනට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...