අධි ආරක්ෂිත කලාප අවශ්‍ය බයෙන් ජීවත් වෙන පාලකයන්ට – සරත් ෆොන්සේකා

Date:

රටේ යුද්ධයක් හෝ ත්‍රස්තවාදී ගැටලුවක් හෝ නොමැති අවස්ථාවක අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සාමකාමී රටක් තුළ අධි ආරක්ෂිත කලාප අවශ්‍ය වන්නේ බයෙන් ජීවත් වන පාලකයන්ට පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නායකයන් ජනතාවට කෙතරම් බියෙන් සිටින්නේද යන්න අධි ආරක්ෂිත කලාප ස්ථාපිත කිරීම හරහා පැහැදිලි වන බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා.

පාලකයන් කටයුතු කරන ආකාරය අනුව ස්ථාන කිහිපයක් පමණක් අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඔවුන්ට බේරීමට නොහැකි වනු ඇති බවත්, කරන්නට තිබුණේ ඔවුන් යන යන තැන ජංගම අධි ආරක්ෂිත කලාප පිහිටුවා ගැනීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...