Thursday, March 30, 2023
spot_img

Latest Posts

තිරිඟු පිටි තොග මිල 400 ත් පනී

මේ වනවිට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක මිටියක තොග මිල රුපියල් 21,000 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 420 ක් වේ.

මිල එතරම් ඉහළ ගොස් තිබියදී පවා ප්‍රමාණවත් තිරිඟු පිටි තොග රටතුළ නොමැති අතර මිල ඉහළ යාම සහ තිරිඟු පිටි හිගය බේකරි කර්මාන්තය සඳහා අතිශය බරපතල ලෙස බලපා ඇති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ.

මෙම තත්වය මත රටපුරා බේකරි විශාල ප්‍රමාණයක් වැසීගොස් ඇති බවද ජයවර්ධන මහතා සඳහන් කරනවා.

කෙසේ නමුත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම මිල ඉහළ යාම තාවකාලික බවයි. ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග සැළකිය යුතු ප්‍රමාණයකින් මිල ගණන් පහත වැටෙනු ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.