බැංකුවලට මුදල් දාන්න එපා, අපේ ණය කපා ගනීවි – ඛනිජ තෙල් සංස්ථාවෙන් පිරවුම්හල් හිමියන්ට දැනුම්දීමක් !

Date:

ඉන්ධන මිලදී ගැනීමේදී ඊට අදාල මුදල් රාජ්‍ය බැංකුවල ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගිණුම් වෙත බැර කිරීමෙන් වැළකී සිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබෙනවා. රාජ්‍ය බැංකුවලට අමතරව තවත් පෞද්ගලික බැංකු 07 කටද මුදල් බැර නොකරන ලෙසයි සංස්ථාව දැනුම් දී තිබෙන්නේ.

ඛනිජ තෙල් සංස්ථාව වාණිජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ණය මුදල් නිසිලෙස පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන්, අදාල බැංකුවල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නමට ඇති ගිණුම්වලට බැරවල මුදල් ණය වාරික සඳහා කපා ගැනීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම දැනුම්දීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. වසර ගණනාවක් පුරා ඉන්ධන සඳහා මුදල් ගනුදෙනු සිදු කිරීමේදී එකම බැංකුවක් සමග එම ගනුදෙනු සිදුකළ පිරවුම්හල් හිමියන්ට සංස්ථාවේ නව තීරණය හේතුවෙන් වෙනත් විකල්ප කරා යොමුවීමට සිදුව තිබෙනවා. ලක්ෂ ගණනින් සිදු කරන එම ගනුදෙනුවලදී භාවිතා කරන විකල්ප කෙතරම් ආරක්ෂිතද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටී.

සංස්ථාවේ මුල්‍ය කටයුතු පාලනය කරගැනීමට අසමත් නිළධාරීන් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියන් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...