Monday, December 4, 2023
spot_img

Latest Posts

විශ්‍රාමික SDIG ලලිත් ජයසිංහට සිර දඬුවම් !

මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් දේශපාලනඥයෙකු අත් අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 05ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් රත්නපුර මහාධිකරණය විසින් නියම කර තිබේ.

එම නඩු තීන්දුව ඊයේ (25) ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20,000 ක දඩයක් ද නියම කළාය.

සබරගමු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී නමැත්තා අත් අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබිණි.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.